Colombo Today Local News

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

udayanga-weeratunga

මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසිය මාර්ගයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ ඉල්ලීමක් සළකා බලමින් අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

මීට පෙර ද උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම අවස්ථාවේ වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම්දුන්නේ උදයංග වීරතුංග මහතා ඒ වන තෙක් අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් වරෙන්තු නිකුත් කළ නොහැකි බවයි.

මේවන විට උදයංග මහතා අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය වාර්තාවක් නිකුත් කර තිබේ.

එම වාර්තාව පිළිගත් කොටුව මහේස්ත්‍රාත්වරිය අදාළ වරෙන්තුව නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

Related posts

කඳාන උප දුම්රිය ස්ථානය වසා දමයි

colombotoday

අර්බුද වලට හේතුව මළහිරු බසිනා හැන්දෑවේ අමු සොහොනක දිවුරුම් දීමයි…

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

තැපැල් සේවක වර්ජනය අදත්

colombotoday

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

Admin

නිල් බලකායෙන් ගහන්න ආවා.. මං පිස්තෝලේ අරන් දිව්වේ එජාප මන්ත්‍රීලාගේ ආරක්ෂාවටයි – එරාජ් ප්‍රනාන්දු

colombotoday