Colombo Today Local News

හමුදා තරුණිය පෙමට පිටුපෑ තරුණයා උස්සලා

පෙම් සබඳතාවයකට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා තරුණියක ඇතුළු සිව්දෙනෙකු අද (05) අලුයම අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු බව පොලීසිය කියයි.

සැකකරුවන් ඊයේ (04) පස්වරුවේ අළුබෝමුල්ල පින්වත්ත අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ පැහැර ගැනීම සිදුකළ බවට තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැරගත් බව පැවසෙන තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කරගැනීම සඳහා තරුණයා අකමැත්ත පළකිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වු බව පොලීසිය සඳහන් කරයි.

තරුණයාව පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බව ද පොලීසිය පවසයි.

පැහැරගැනීම සඳහා සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සහ රියදුරු සොයා පරීක්ෂණ සිදුකරන බව ද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ආරක්ෂක හමුදාවේ රාජකාරි කරන බවත්, පැහැරගැනීමට ලක්වූ තරුණයා පෞද්ගලික සමාගමක සේවය කරන බවත් පොලීසිය කියයි.

සැකකරුවන් අද (05)දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකරති.

Related posts

රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

colombotoday

එජාපයේ කළු බැටළුවන්, කෙළෙහිගුණ නොදත්තවුන් මට මෙහෙම කළා… පොරොන්දුව කඩ කර මුදල් ඇමතිකම නොදීම ගැන රවී කතා කරයි…

colombotoday

ප්‍රභාකරන් මරා දැමූ 53වැනි සේනාංකය නාරම්මල රිලව් එලවන්න යොදවලා – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

colombotoday

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

colombotoday

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට ට්‍රක් රථ රියදුරන් පිරිසක් කඩා පනී

colombotoday

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

colombotoday