Colombo Today Local News

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට ට්‍රක් රථ රියදුරන් පිරිසක් කඩා පනී

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ට්‍රක් රථ රියදුරන් පිරිසක් විසින් වටලා ඇති බව වාර්තා වේ.

ඔවුන්, රැගෙන ආ ට්‍රක් රථ කිහිපයක් හරස් කර ප්‍රධාන කාර්‍යාලයට ඇතුළු වන දොරටු සම්පූර්ණයෙන් ම අවහිර කර ඇති අතර, මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාල භූමියට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට කිසිවකුට හෝ හැකියාවක් නොමැති බව වාර්තා වී තිබේ.

ස්ථානයේ තරමක කලබලකාරී තත්ත්වයක් වාර්තා වන අතර, පොලිස් නිලධාරින් පිරිසක් ද තත්ත්වය පාලනය කිරීම සඳහා යොදවා ඇති බව වාර්තා වේ.

Related posts

උදය ගම්මන්පිල රජය දුෂිතයි කියලා තියෙනවා නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකියි. – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

colombotoday

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු

colombotoday

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයාට දෙමාපියන් දුන් දඬුවම

colombotoday

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday

පාර හදන්න ඕන තරම් ඉඩ තියෙද්දිත් බෝධිය කපන්න හැදුවැයි ඇමති කිරිඇල්ලට නොතීසි

colombotoday