Colombo Today Local News

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03)දින උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.

මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දොඩන්දූව පදිංචිව සිටි කොරෝනා ආසාදිතයකු යැයි ඊයේ (02)දින තහවුරු වූ ධීවර ව්‍යාපාරිකයකු පසුගිය දින කිහිපයේ ගාල්ල ධීවර වරායට විවිධ කටයුතු සඳහා පැමිණ තිබීමයි.

ගාල්ල ධීවර කමිටුවේ සභාපති පී.බී. ගාමිණී මහතා පවසන්නේ එම ධීවරය ව්‍යාපාරිකයා පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාදිමෙන් අනතුරුව වාර්තාව ලැබීමට පෙර ගාල්ල ධීවර වරායට පැමිණ ඇති බවයි.

ඔහු සම්බන්ධතා පැවැත්වූ ධීවරයන් පිළිබඳ තොරතුරු සෙවීමේ පහසුව සඳහාත් ධීවර වරාය විෂබීජහරණය කිරීම සඳහාත් මෙලෙස වසා දමා තිබේ.

ගාල්ල ධීවර වරාය කමිටුව පවසන්නේ මෙලෙස තාවකාලිකව ධීවර වරාය වසා දැමුවේ සෞඛ්‍ය අංශවල ඉල්ලීමකට නොව ධීවර සංගම් විසින්ම ස්වේච්ඡාවෙන් ගත් තීරණයකට අනුව බවයි.

විෂබීජහරණ කටයුතු අවසන් වූ වහාම වරාය යළි විවෘත කිරීමට නියමිතය.

Related posts

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉල්ලයි

colombotoday