Colombo Today Local News

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉල්ලයි

අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාල පනත කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව සහ නිදහසේ වේදිකාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවේ දී සම්මත වු එම පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පවසමින් එය ක්‍රියාත්මක කිරීම කල් දමා ඇති බවය.

අදාළ සංශෝධන සදහා මේ වන විට අමාත්‍ය  මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව ද එය ලබන හත් වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති බව ද එම සංවිධාන පවසයි.

එබැවින් අදාළ බලතල අමාත්‍යවරයෙකු වෙත පවරමින් අතුරුදන්වු තැනැත්තන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

 

Related posts

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

colombotoday

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

Admin

වූහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් හරසර !

colombotoday

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

colombotoday

ඥාණසාර හිමිට එරෙහිව “සිවුරෙන් බෙල්ල කැපීමේ” නාටකය අද රංගනයේ !

colombotoday

4.00 ට පෙර අධිකරණයේ පෙනී සිටින්න. අධිකරණය මගහැර සිටින රවී කරුණානායකට නියෝග

colombotoday