Colombo Today Local News

ජනපති හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (21) පෙරවරුවේ හමුවිය.

ඒ , නවදිල්ලියේ පිහිටි අග්‍රමාත්‍ය නිල නිවසේදීයි.

මේ වනවිට දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වී ඇත. ඉන් අනතුරුව දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමට ද නියමිතයි.

ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍ය හමුවක ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජනාධිපතිවරයා රාශ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපතිනිය හමුවීමට ද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමු වී සාකච්ඡා කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගෞතම් අදානී හමුවී තිබේ.

ඔවුන් මෙහිදී මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇත.

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, මෙගා වොට් 500 ක ධාරිතාවයෙන් යුතු සුළං බලශක්ති ව්‍යාපෘතිය, හරිත හයිඩ්‍රජන් වැනි පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ඊට අයත් වේ.

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

“රුසියාව ලංකාවේ අර්බුධයට වගකිවයුතුයි!” යුක්‍රේන ජනපති කියයි!

colombotoday

සෞඛ්‍ය රීති කඩා උද්ඝෝෂණ පැවැත් වූ මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනා ඇපමත නිදහස්

colombotoday

“අපේ යහපාලනය ලෝකෙටම ආදර්ශයක්.. ලංකාව දැන් ඉතිහාසගත තැනක” – අගමැති

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වැඩ අරඹයි.

Admin

“පාළු පිට්‌ටනිවල පොලු වනන්නේ නැතුව වාදයට එනු” – ‘සාධාරණ කල්ලියට’ විජේදාසගෙන් අභියෝගයක්

colombotoday