Colombo Today Local News

“රුසියාව ලංකාවේ අර්බුධයට වගකිවයුතුයි!” යුක්‍රේන ජනපති කියයි!

දකුණු කොරියානු අගනුවර වන සෝල්හි පැවති ආසියානු නායකත්ව සමුළුවේදී, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගෝලීය ආහාර අර්බුදය උග්‍ර කිරීම සහ උද්ධමනය ඉහළ දැමීමට රුසියාවේ “විශේෂ යුද්ධ මෙහෙයුම” හේතුවක් වූ බවට ඔහු එහිදී රුසියාවට චෝදනා කළ බව ය.

“රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී භාවිත කර ඇති ප්‍රධාන උපක්‍රමවලින් එකක් වන්නේ ආර්ථික කම්පනයක් ඇති කිරීම,” යැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

“කම්පනසහගත ආහාර සහ ඉන්ධන මිල ඉහළ දැමීම් සමාජ පිපිරීමකට තුඩු දුන්නේ ය. එය අවසන් වන්නේ කෙසේදැයි දැන් කිසිවෙකු දන්නේ නැත,” සෙලෙන්ස්කි වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත.

Related posts

සජිත් වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව තිබියදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇති කොටුව පොලිස් නිලධාරීන්

colombotoday

පැපුවා නිව් ගිනියාවේ ගෝත්‍රික ගැටුමේ නවතම තොරතුරු

Admin

“ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ”

colombotoday

හෙට වුණත් ආණ්ඩුව දෙන්නම්… ඒත් අගමැතිකමට රනිල්නම් බෑ – ජනපති එජාපෙට කියයි

colombotoday

“පොහොට්ටුවේ ඉන්නේ මෝඩ වහල්ලු ටිකක් – එජාපයේ ඉන්නේ උගත් බුද්ධිමතුන්”

colombotoday