Colombo Today Local News

ජනපති සිංගප්පුර් යනවා යැයි කියන ගුවන් යානය

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේය.

වාර්තාවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා යන්නේ සෞදි ගුවන් සේවයේ (SV788) ගුවන් යානයෙනි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඊයේ සවස සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබියදී ආරක්ෂක හේතූන් මත ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කර සිංගප්පූරුව බලා යාමට පෞද්ගලික ගුවන් යානයක් ඉල්ලා තිබිණ.

නමුත් තුන් ගුණයක් මුදල් ගෙවා පෞද්ගලික ගුවන් යානයක් සූදානම් කර තිබුණද අවසන් මොහොතේ එයද අවලංගු කිරීමට එම ගුවන් සේවාව පියවර ගෙන තිබූ බව වාර්තා වේ.

මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව යන සෞදි ගුවන් සේවයට අයත් (SV788) ගුවන් යානයකින් මාලදිවයිනේ පිටත්ව ගොස් ඇති බව මාලදිවයින් මාධ්‍ය දැන් වාර්තා කර ඇත.

ජුලි 09 වනදා ඇති වූ ජනතා නැගිටීමකින් අනතුරුව ජූලි 13 වනදා සිය ඉල්ලා අස්වීම ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණ.

Related posts

“ඒක මන්දිරයක් නෙවෙයි,බංකරයක්” රජ ගෙදර භූගත බංකරය ගැන හිටපු ජනපති පහදයි.

colombotoday

colombotoday

ජවිපෙ 20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට…

colombotoday

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට ලක්ෂ 9ක දඩ

Admin

පෙර නොවූ බද්දක් විදුලියටත් වැටෙයි.. 2%ක බදු වැඩිවීම 2 සිට ක්‍රියාත්මකයි

colombotoday

මිලියනයක් එනවා කී ගෝල්ෆේස් උද්ඝෝෂණයට දසදහසකට ආසන්න ප්‍රමාණයක්.

colombotoday