Colombo Today Local News

සීමා නීර්ණය ගැසට් කිරීම විතරක් මදි.. පුංචි ඡන්දයට තවත් පොල්ලක් !!

සීමා නිර්ණය කිරීමේ වාර්තාව ගැසට් කිරීමෙන් පමණක් පළාත් පාලන මැතිවරණය කැඳවිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටී.

පළාත් පාලන මැතිවරණය කැඳවීමට විශය භාර අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන වල නව සභික ධූර සංයුතිය අඩංගු ගැසට් පත්‍රයද නිකුත් කළ යුතු බව ඔහු කියා සිටී.

ඊට අමතරව පළාත් පාලන පනතේ සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු බවද ඔහු පෙන්වාදෙයි.

සීමා නිර්ණ වාර්තාව ගැසට් කිරීමෙන් පසුව පළාත් පාලන අමාත්‍යංශයට ඇඟ බේරාගත නොහැකි බවද ඔහු කියා සිටී.

සභික සංඛ්‍යාව තීරණය කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුවද, පළාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා කාන්තා නියෝජනය හා පනතේ තාක්ෂණික දෝශ නිවරදි කිරීම යන කාරණාද සකස්විය යුතු යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

රජයේ මුද්‍රණාලාධිපති සීමා නිර්ණ වාර්තාව සිකුරාදා (17) පස්වරුවේ ගැසට් කළ බවද කියා සිටියේය.

Related posts

ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුමක් නොවේ – එක්සත් ජාතික පක්ෂය

colombotoday

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි

colombotoday

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙන්න ඉල්ලයි !

colombotoday

කිළිනොච්චියේ ඉපැරණි නටඹුන් ස්ථානයක් ඩෝසර් කරයි… ඩෝසර් කරන හැටි බලන්න TNA මන්ත්‍රීත් එයි…

colombotoday