Colombo Today Local News

ඊළග යුද්ධය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පළාත් පොලීසිය අතර !!

යෝජිත නව ව්‍යවස්ථාවෙන් ඒකීය බව ආරක්ෂ කරන බව පැවසුවත්, එම ව්‍යවස්ථාව නමින් ඒකීය වුවත් අන්තර්ගතයෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවත්, එම යෝජනා ක්‍රියාත්මක වුවහොත් දෙමළ ඊළම අනිවාර්යෙන්ම ඇතිවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වන උදය ගම්මන්පිල මහතා,

ඔය කියන ව්‍යවස්ථාවේ ඒකිය බව තියනවා කියලා කියන්න පුළුවන් .හැබැයි නමින් ඒකිය වුණාට අන්තර්ඝතයේ තියෙන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක්.

ඒ නිසා එළියේ ඔපයට රැවටෙන්න බෑ. අනුකමිටු වාර්තා තියනවා, මොණවාද මෙකේ තියෙන්නේ ? පළාත් සභාවේ 13 වැනි ව්‍යවස්ථාවෙන්වත් දුන්නේ නැති පොලිස් බලතල දැන්වත් දෙන්න කියලා.

මෙතෙක් කාලයක් අපි යුද්ධ කලේ ශ්‍රි ලංකා හමුදාවයි. උතුරේ ත්‍රස්තවාදයයි. ඊළග යුද්ධය ඇති වෙන්නේ ශ්‍රි ලංකා හමුදාවයි. අවි රැගත් උතුරේ පොලිසිය අතර. දෙමළ ඊලම අනිවාර්යෙන්ම ඇති වෙනවා. උතුරට පොලිස් බලය දුන්නොත්.

කාටද මේ දැන් බලය දෙන්න යන්නේ ? අර විග්නේෂ්වරන්ට. උතුරේ ඉඩම් බලය නැතුව සිංහලයන් උතුරෙන් ඉවත් කරන්න විග්නේෂ්වරන් කටයුතු කරනවා නම් ඉඩම් බලය ලැබුණොත් කොහොමට තියේවිද ?

ඒ නිසා ජනමත විචාරණයකයට යෑමේදී යන්න එපා ඡන්දේ දෙන්න .ගෙදර නවතින්න. මේ පාප කර්මයට නම් දායක වෙන්න එපා.

Related posts

සජිත් සිරිකොතෙන් පලවා හරී.. සජිත් හිතවාදීන් සිරිකොත වටලන්න යයි !

colombotoday

මැතිවරණ තියන්නේ අපට ඕන විදිහටයි…

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin

ජමාත්තේ ඉස්ලාමි ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගත්තේ සාක්ෂියක් නොමැතිවයි. ඔහුව අපේ සමාජයට මුදාහරින්න – මුජබර් රහුමාන් කියයි

colombotoday