Colombo Today Local News

ගෝඨා පාවා දී නිදහස් වෙන්නැයි CIDය බලකරලා.. සිරගත බුද්ධි සෙබළාගේ බිරිද රටට හෙළිකරයි

මාධ්‍යවේදියෙකු යැයි හැදින්වෙන් අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යැයි සදහන් ලියවිල්ලකට අත්සන් කරනු ලැබුවොත් තමන් නිදහස් කරන බවට රහස් පොලීසියේ ශානි අබේසේකර නම් නිලධාරියා බලකර සිටි බව අදාල සිදුවීම සම්බන්ධයෙන් සිරගතව සිටින හමුදා බුද්ධි අංශයේ කෝප්‍රල් රූපසිංහ පැවසුවේ යැයි ඔහුගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි මහත්මිය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති තම සැමියා වන හමුදා බුද්ධි නිලධාරී කෝප‍්‍රල් රූපසිංහ අද වන තුරු සිරබත් කන බවද ඇව කියා සිටියාය.

එම මාධ්‍ය හමුව ඇමතූ මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට මුල සිටම කිසිදු සාක්‍ෂියක් නැති බවත් අඩුම තරමේ එක්නැලිගොඩ මිය ගියා යයි කිසිදු සාක්‍ෂියක් නැති බවත්ය. CIDය දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක වන බවට ජනාධිපිතවරයා පැවසූ කරුණය මේතුලින්ද සත්‍යයක් වී ඇති බවද ඔහු පැවසීය.

Related posts

“ආණ්ඩුවේ ගමන් මග මනින්න වසර දෙකක් වැඩිත් එක්ක.. රට යන්නේ විනාශයටයි“ – ජවිපෙ

colombotoday

“බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි.. අනාගමික ව්‍යවස්ථාවක් හදනු“ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගොරවයි

colombotoday

ගෙවල් කුලී පනත අවලංගු කරන්න කැබිනට් අනුමැතිය

Admin

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

චන්ද්‍රිකා කිව් බොරුවක් අතේ පත්තුවෙයි.. චීනයෙන් දැඩි ප්‍රකාශයක් !!

colombotoday

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday