World

පාකිස්ථානයේ කිතුණු පල්ලියකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්ථානයේ ඇෆ්ගනිස්ථාන දේශසීමාවට කිලෝ මීටර් 65ක් ආසන්නයේ පිහිටි ක්වේටා නගරයේ මෙතෝදිස්ත පල්ලියකට ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ ප්‍රහාරයෙන් මේ වන විට පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පල්ලිය තුළට පැමිණි ඝාතකයන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, මරාගෙන මැරෙන බෝබ්බ ඇදුම් පැලදගෙන පැමිණි ඝාතකයන්ට පල්ලිය තුලට පිවිසීමට ඉඩ ලැබී නැහැ.

පාකිස්ථානයේ සුන්නි මුස්ලිම් කළාප වලදී සුලුතර ෂියා මුස්ලිම් භක්තිකයන් ඉලක්ක කරගෙන සිදු කෙරෙන ප්‍රහාර පිළිබදව නිරන්තරයෙන් වාර්තා පලවන අතර, සුළුතර කතෝලික, කිතුණු ප්‍රජාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ලවීම්ද වරින් වර වාර්තා වෙයි.

 

Related posts

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

Admin

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

colombotoday

හින්දු මුස්ලිම් ගැටුමක්

colombotoday

චීන තානාපති ඉල්ලක කර ගත් පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday