World

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී 10 දෙනෙක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පැවැත්වෙන නමුත් පොලිස්පති සෝරන් තොමැසන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ එය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවයි.

වෙඩි තැබීම කළ තරුණයා ඩෙන්මාර්ක ජාතිකයකු බවත් ඔහු සුදු අන්තවාදියකු බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday

සංචරණ සීමා පැනවූ බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් සියයට 30කින් පහළට

colombotoday

ඇමරිකාවේ ජනපති පුටුවට කරට කර සටනක්

colombotoday

ISIS ත්‍රස්තවාදීන්ට රටවල් 40කින් මුදල් ලැබෙනවා – රුසියානු ජනපති පුටින්

colombotoday

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

colombotoday

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday