World

චීන තානාපති ඉල්ලක කර ගත් පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ක්වෙටා නගරයේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් 4 දෙනෙක් මියගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා තිබේ.

බීබීසී පුවත් සේවය පැවසුවේ එම ප්‍රහාරයේ ඉලක්කය පාකිස්තානයේ සිටින චීන තානාපතිවරයා වියහැකි බවය.

ඔහු මේ වනවිට පාකිස්තානයේ ගැටුම් බහුල බැලොකිස්තාන ප්‍රාන්තයේ අගනගරය වන ක්වෙටා හි සංචාරයක නිරතව සිටී.

නමුත් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු එම හෝටලයේ නොසිටි බව වාර්තා වේ.

විදෙස් ජාතිකයින් බහුලව ගැවසෙන සෙරීනා හෝටලයේ වාහන අංගනය ආශ්‍රිතව එම පිපිරීම සිදුකර තිබේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන තලිබාන් කණ්ඩායම වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

නේපාලයත් ටික්ටෝක් තහනම් කරයි

Admin

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ලෝක ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි – අවුරුදු 5ක දරුවකු කොමා තත්ත්වයට

Admin

රුසියානු ප්‍රවාහන ගුවන් යානයක් වෛද්‍ය උපකරණ රැගෙන ඇමරිකාවට

colombotoday