Colombo Today Local News

විරෝධතාකරුවන් පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලයි : පොලිසියෙන් වෙඩි

හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇත. කලහකාරීන් 200ක පමණ පිරිසක් පොලිසියේ ගේට්ටුකඩාගෙන පොලිසිය ඇතුළුවීමට උත්සහ දරූ බව පොලිසිය පවසයි.

කාන්තාවන් සහ පිරිමින් 200කට ආසන්න පිරිසක් එහි සිටි අතර පිරිමින් වැඩි පිරිසක් මත්වතුර පානය කර ඇති බවට දර්ශනය වූ බව උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

සැකකරුවක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පාමින් එම පිරිස විරෝධය නිරතව ඇත. කෙසේ වූව ද එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකනර විමර්ශන සම්බන්දයෙන් එම පිරිස දැනුවත්කර තිබියදී කලහාකාරීව හැසිරුණු බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටි.

කලහාකාරීව හැසිරුණු පිරිස යම් විදියකින් පොලිසියට ඇතුළු වුවහොත් රාකාරියේ නිරත නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට නිරික්ෂණය වීම නිසා එසේ අහසට වෙඩි තබා ඇත.

කෙසේ වුවද පසුව එම පිරිස පොලිසිය ඉදිරිපිටින් ඉවත්ව මාර්ගයට වී පැයක් පමණ කාලයක් විරෝධයේ නිරතව විසිර ගොස් තිබේ.

Related posts

සහරාන් කල්ලියේ දෙවන පෙළ නායකයන් අල්ලනවාට මුස්ලිම් දේශපාලකයන්, පූජකයන්, සංවිධානවලින් බලපෑම් !

colombotoday

හිටපු ඇමති විජේදාසගේ ආරක්ෂාව ඉවත් කෙරේ..

colombotoday

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

රසායනික පොහොර ගෙන ඒම ගැන පලවන වාර්තා බොරු – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

colombotoday

පහන්තුඩාවේ සිද්ධියට සම්බන්ධ නොවන යුවලකගේ ඡායාරූප පළ වීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඇමති සරත් වීරසේකර නියෝග කරයි.

colombotoday

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

colombotoday