Colombo Today Local News

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව අදි(26)න් අවසන් වීමට නියමිතව තිබේ.

පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

කෙසේවෙතත් එම කාලය අදින් අවසන් වන අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයෙකු පත් කළ යුතුව ඇත.

කෙසේවෙතත් මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර විදෙස් ගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගනු ඇත.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය හිමිවිය යුතු වේ.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබේ.

Related posts

රවීට යළි කැබිනට් ඇමතිකමක් – එජාප දේශපාලන කමිටුවේ තීන්දුවක් !

colombotoday

ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන ඒකාබද්ධයේ සාකච්ඡා

colombotoday

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

colombotoday

කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් හමුදා සෙබළියන් පිරිසක් විරෝධතාවක

Admin

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

ත්‍රිරෝද අලංකරණයට රජයෙන් අවසර – කොන්දේසි මෙන්න

Admin