Colombo Today Local Newsfeatured

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමට නියමිත නව මැතිවරණ කොමිෂන් සභාව සඳහා හිටපු සාමාජිකයන් තිදෙනාම ඇතුළත් නොවනු ඇතැයි එම කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ කාලසීමාව නොවැම්බර් මස 16 වැනිදායින් අවසන් වීමට තිබියදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉකුත් 29 වැනිදා නීතියක් බවට පත්වීමත් සමග එහි බලය අහෝසි විය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පස් දෙනකු පත්කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් සංඛ්‍යාව තිදෙනෙකි. ඉකුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය කටයුතු කරනු ලැබූ අතර, සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ එන්. ජේ. අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් එච්. හූල් කටයුතු කරනු ලැබීය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වී තිබීම නිසා ජනාධිපතිවරයාට ඉදිරි ඕනෑම අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයන් නම් කිරීමට අවස්ථාව හිමිවේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාට පමණක් වසරකට දීමනා වශයෙන් රුපියල් ලක්ෂ පනස් හතරක මුදලක් ගෙවනු ලබයි. එමෙන්ම කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු මැතිවරණ දෙපාර්තමේන්තුවට අයත් නිල නිවාස සහ වාහන අනිසි ලෙස භාවිත කිරීම ආදී චෝදනාද එල්ල වී තිබිණි.

Related posts

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය ඉහළට

colombotoday

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

Admin

මහින්දට වඩා මට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් තිබෙනවා.. මා සමග මහින්ද සසදන්න එපා..- සජිත්

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

“මම සාමාන්‍ය පෙළ ලියනකොටත් එජාප නායකයා රනිල් මහත්තයා.. මේක හැමදාම කරන්න බෑ” – හරීන්

colombotoday

පලස්තීනය බේරා දෙන්න | ඉෂාක් රහුමාන් ශ්‍රී ලංකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday