World

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

අනතුරට ලක්වු ටයිටන් සබ්මැරීනය යම් පිපිරීමකට ලක්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන තිබේ.

උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදු බත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබුණි.

අනතුර සම්බන්ධයෙන් සමුද්‍ර විමර්ශන මණ්ඩලයක සහාය ලබාගනිමින් එම විමර්ශනය සිදුකිරීමට සැලසුම් කර ඇති අතර අදාළ විමර්ශනය සඳහා සබ්මැරීනය අනතුරට ලක්වු ස්ථානය සිතියම් ගත කිරීමට ද ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා ප්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍ය යන රටවල්වල සහයෝගය හිමිවීමට නියමිතය.

මෙම පරික්ෂණයෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර අනාගතයේ දී මෙවැනි අනතුරක් සිදුනොවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.

Related posts

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් ළමයින් 460ක් ජීවිතක්ෂයට

colombotoday

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday

බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසාගෙන.

colombotoday

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

Admin

මිනීමැරුම් තරගයෙන් ISIS පරයා ‘බොකෝහරාම්’ 1ට එයි… 2014 දී පමණක් 6644 ඝාතනය කරලා

colombotoday