Colombo Today Local News

පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්

පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගෙන තිබේ.

අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී සීත කරන කුටීරවල තිබී හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193ක ප්‍රමාණයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය සමත්ව ඇත.

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000ක් පමණ වන බවට තක්සේරු කර තිබේ.

මේ පිළිබඳ විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය විසින් සිදුකරනු ලැබු අතර ඒ සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ද සහාය හිමිව ඇත.

විමර්ශනවලින් අනතුරුව මත්ද්‍රව්‍ය සහ අදාළ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශයට භාරදීමට නියමිතය.

Related posts

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

colombotoday

අපේ අරමුණ මහින්ද අගමැති කරවීමයි…

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

Admin

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා ඩයගම වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂනයක.

colombotoday

ගැටුම් අතර සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40ක්

Admin