Colombo Today Local News

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට දුන් කාලය දීර්ඝ කරයි

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කර තිබේ.

ලියාපදිංචිය අවසන් වන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාලය පසුගිය 16 වැනි දායින් අවසන් විය.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය නිසි පරිදි සිදුව නැති බවට වාර්තා වී ඇති බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

මේ අතර රටේ ආර්ථීක තත්ත්වය යහපත් තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා පළවන බැවින් මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් යළිත් මුදල් ඉල්ලා සිටීමට කටයුතු කරන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසා ඇත.

Related posts

මුහුණේ ලේ තැවරුණු තුවාල සහිත දැරියකගේ මළ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි

Admin

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

හර්ෂ අනුරට සුබ පතයි

Admin

සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?

colombotoday

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් මරුට

colombotoday

ප්‍රබල මුස්ලිම් ඇමති දෙදෙනෙක් හිටපු ජනපති රහසේ හමුවෙයි.. කරණමකට සූදානම් !!

colombotoday