Colombo Today Local News

ගැටුම් අතර සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40ක්

ගැටුම් පවතින සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40 කට වැඩි පිරිසක් රැදී සිටින බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එහි ශ්‍රී ලංකා තානාපති පී.එම් හම්සා මහතා සඳහන් ක‍රන්නේ, ඔවුන්ද ආරක්ෂිතව මුදා ගෙන දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සෞදි රජය සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි.

සුඩානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදාගෙන මේ වනවිට ජෙඩා නුවරට රැගෙන විත් තිබේ.

ඔවුන් අද දිනයේ දිවයිනට එවීමට පියවර ගන්නා බවද තානාපතිවරයා පවසයි.

ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීමේ වැඩපිළිවෙළට ඉන්දියාවේද සහය ඉල්ලා ඇති බව ඔහු සඳහන් කරයි.

සුඩාන හමුදා හා අතුරු හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගිය පිරිස 500කට අධික බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

Related posts

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

විධායකය අහෝසි කරන 20වැනි සංශෝධනය මැයි මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

පිළිකාවට සුව ගෙන දෙන දිව ඔසුවකි “සරක්කු”

colombotoday

අද සිට දිනපතා විදුලිය කැපෙයි

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin

යතුපැදිකරුවන් ගිය 6ක් මරුට – පදිකයන් තිදෙනෙකුත් බිළි

colombotoday