BusinessColombo Today Local News

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම යළිත් වරක් තීව්‍ර කරමින් සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය තුළ ඒකක 121.59 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය සටහන් වූයේ ඒකක 6,324.61 ක් පරිද්දෙනි. පසුගිය මාස 18 ක කාලය පුරාවට වාර්තා වූ අඩුම අගය මෙය වන අතර පෙර දිනයට සාපේක්ෂව අද දිනය තුළ දී සමස්ත කොටස් වෙළෙඳපොළ පසුබැසීම 1.89% ක් විය.

අද දිනයේ දී මෙම දැවැන්ත කඩා වැටීම හමුවේ 2016 වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත කොටස් වෙළෙඳපොළ 8.27% කින් පහළ ගොස් තිබේ. මේ අතර S&P SL20 දර්ශකයට අනුව මෙම වසර තුළ එහි පහළ යාම 9.41% කි. අද දිනය අවසානයේ දී එය දැක්වුණේ ඒකක 3,284.36 ක් ලෙසිනි. මෙය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 55.77 ක හෙවත් 1.67% ක පහළ යාමකි.

අද දිනය තුළ දී මිල දර්ශක කෙරෙහි වැඩි බලපෑමක් කළ හැකි සමාගම් කොටස් කිහිපයක්ම දැඩි පසුබැසීමකට ලක් වූ අතර ඒ අතුරින් ජෝන් කීල්ස් හෝල්ඩිංගිස් රු. 160.70 දක්වා 2.7% කින්, LOLC රු. 75.00 දක්වා 7.2% කින්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු. 380.00 දක්වා 5% කින් හා ඩිස්ටිලරීස් රු. 215.00 දක්වා 2.7% කින් පහළ යාම කැපී පෙනුණි.

දිනය තුළ වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලයන 813 ක්වූ අතර ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කටයුතු කරන ලදී. මෙහිදී ජෝන් කීල්ස් ලක්ෂ 8 ක් ගිවිසාගනු ලැබූ ගනුදෙනු ලෙසින් හුවමාරු වූ අතර රුපියල් 164-165 මිල ගණන්වලට වූ එම ගනුදෙනුවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 131.6 ක් විය. එසේම දිනය තුළ සාමාන්‍ය ගනුදෙනුවලින් ද පෙරමුණ ගැනීමට ජෝන් කීල්ස් හෝල්ඩිංගස් සමත්වූයේ රුපියල් මිලියන 199.27 ක පිරිවැටුමක් වාර්තා කරමිනි. මේ අනුව අද දින සිදුවූ සමස්ත ජෝන් කීල්ස් කොටස් ගනුදෙනුවල වටිනාකම රුපියල් 231 කි. මෙහිදී රුපියල් මිලියන 191 ක විදෙස් ආයෝජන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් තුළින් ඉවත් වී තිබේ.

දිනය තුළ දී මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් අකර්මණ්‍ය වූ අතර කොමර්ෂල්, NDB, HNB, DFCC හා සම්පත් යනා දී බැංකු සමාගම් සියල්ලගේම කොටස් මිල පසුගිය සති 52 ක කාලය තුළ වාර්තා වූ අඩුම මිල මට්ටම් කරා පැමිණ තිබුණි.

Adaderana

Related posts

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් 9ක් පලා යයි

Admin

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

අයිතිවාසිකම් ඉල්ලා මුස්ලිම් පිරිසක් උද්ඝෝෂණයක

colombotoday

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කූඩයට දමයි

colombotoday