Colombo Today Local News

විධායකය අහෝසි කරන 20වැනි සංශෝධනය මැයි මස මුල පාර්ලිමේන්තුවට

ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුව කල්තැබීමත් සමඟ පසුවට තැබීමට ජවිපෙට සිදුවිය. මේ සංශෝධනයේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වී තිබේ.

“20 සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න වෙන්නේ මැයි මාසයේ මුල් සතියේ රැස්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී. දැනටමත් 20 ගැන සංවාදයක් ඇතිවෙලා තියෙනවා. සමහරු මේක අල්ලගෙන ආපහු අපිට අවලාද ගහන්න පටන් අරගෙන.” විජිත හේරත් කියා සිටියේය.

“ඔව්, ඇතැම් බංකොලොත් දේශපාලන විචාරකයෝ මේකත් අපිව රනිල්ට හේත්තු කරන්න මාතෘකාවක් කරගන්න හදනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටනේ අතීතය හිතාමතා අමතක කරලා දාලා තමයි මේ විචාරකයෝ කතා කරන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.”

“මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙත් මේ සම්බන්ධයෙන් විවිධ මත තියෙන්නේ. බන්දුල ගුණවර්ධන කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ 20 සංශෝධනයට සහය දෙන්නේ පසුදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කොන්දේසිය උඩ කියලා. ඒ වගේම වාසුදේවලා ඉන්න මතය වෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේනගේ ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුත්තේ කියලා.” විජිත හේරත් කීවේය.

“කොහොම වුණත් දැන් මහින්ද රාජපක්ෂලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කොන්දේසි පිට හරි සහය දෙන්න තීරණය කරලා. ඒක හොඳ ප‍්‍රවණතාවයක්. කොහොමත් විධායක ජනාධිපති ධුරය අහෝසිවීම මෛත‍්‍රීගේ ධුර කාලයට බල නොපාන ලෙස තමයි සංශෝධනය කෙටුම්පත් වෙන්නේ. ඒ නිසා වාසුදේවලාගේ ප‍්‍රශ්නයට උත්තරය තියෙනවා. නමුත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන මෙම සංශෝධනයට ප‍්‍රතිපාදන ඇතුල් කරන්න පුළුවන්කමක් නැහැ. ඒක කරන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 2/3කේ බහුතරය අනුවයි.” ටිල්වින් සිල්වා පැහැදිලි කළේය.

“මේ ගැන විවිධ මත තියෙන නිසා අපි පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා වටයක් යන්න ඕනෑ. නිශ්චිතවම පක්ෂවල ස්ථාවරය දැනගන්න එක තමයි අපි කළ යුත්තේ. එක එක්කෙනාගේ ප‍්‍රකාශවලට මේකෙන් පිළිතුරු හදන්න බැහැ.” අනුර දිසානායක යෝජනා කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ඇතුළුව පක්ෂ නායකයින් හමුවී මේ පිළිබඳව අවසාන වශයෙන් සාකච්ඡා කිරීමට ජවිපෙ නායකයෝ තීරණය කර ඇත.

Related posts

සුරා සැල් තවදුරටත් වැසෙයි

colombotoday

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin

වේදනිගම හිමි රතන හිමියන් පැහැර ගත්තා.. පොලීසියට පැමිණිල්ලක්

colombotoday

ඒකාබද්ධයේ මැයි රැලිය ගාලු මුවදොර සිට සජීවීව [Live]

colombotoday

මොරගහකන්ද මහින්ද චින්තන ව්‍යාපෘතියක්.. මෛත්‍රීත් බොහෝ මහන්සි වුණා – හිටපු ජනපති

colombotoday

“අභූත චෝදනා ගැන කණගාටුයි.. දේශපාලනයෙන් සමුගන්න සූදානම්” – මහින්දානන්ද

colombotoday