Colombo Today Local News

බෝතල් කටු ඇනී මිය ගොස් සිටි දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මුල්ලේරියාව පොලිස් වසමට අයත් මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක තිබියදී අදාළ කුඩා දරුවාගේ මළසිරුර පසුගිය 08 වනදා සවස හමු විය.

හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවාගේ සිරුර මෙලෙස හමුවූ අතර දරුවා ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටියේය.

දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුල්ලේරියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 51 හැවිරිදි වියේ පසුවූ කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday

අමිත් වීරසිංහට පහර දුන් ඖෂධ සංයෝජක අත්අඩංගුවට

colombotoday

මංත්‍රීවරුන්ට වාහන දෙනවා

Admin

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin

මතුගම දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග රිවෝල්වරයක් සොයා ගැනේ

colombotoday