Colombo Today Local News

යුරෝපා සංගමයෙන් තහනමක්.. විනාශ වූ ග්‍රාඩ් රොකට් වෙනුවට අලුත් ඒවා දෙන්න රටවල් දෙකක් බෑ කියයි

grad rocket23

සාලාව අවි ගබඩාව විනාශවීමත් සමග යුද හමුදාවේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සඳහා චෙක්‌ රාජ්‍ය සහ ස්‌ලෝවැකියා යන රටවලින් ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙයට හේතුවී ඇත්තේ යුරෝපා සංගමය තම සාමාජික රටවලට ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ සැපයීම තහනම් කිරීමයි.වන්නි මෙහෙයුමේදී සිවිල් ජනතාව වෙත මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාර එල්ල කළ බවට ඊළාම් ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය වෙත සාවද්‍ය පැමිණිල්ලක්‌ යොමු කර තිබුණි.

ශ්‍රී ලංකා හමුදාවේ දැඩි ප්‍රහාරක බලයක්‌ තිබුණේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මත බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.

සාලාව අවි ගබඩාව ගිනි ගන්නා අවස්‌ථාවේ එහි ග්‍රාඩ් රොකට්‌ 20000 ක්‌ පමණ තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday

කළුතර බන්ධනාගාරයට අමුත්තන් බලන්න හෙරොයින් රැගෙන ආ කතක් මාට්ටු

Admin

අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි

Admin

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin

පොහොට්ටුවට ඡන්ද ගන්න වෙන්නේ සියදිවි නසා ගන්නවා කියලයි – ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday

දෙස් විදෙස් කුමන්ත්‍රණ හමුවේ නව වසරේ ජාතික අභිලාෂය කෙසේ විය යුතුද? මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday