Colombo Today Local News

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාම සඳහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු කඩවත සහ හෝමාගම ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

කඩවත ප්‍රදේශයේදී අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඔවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අදාළව ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හෝමාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරිල්ලවල, පිළියන්දල සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බව පොලීසිය පවසයි.

Related posts

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

නැන්දම්මාගේ අතපය ගැටගසා බෑණා 13 හැවිරිදි දැරිය අපයෝජනය කරලා

colombotoday

ඇමති හකීම්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න දෙන්නේ නෑ. තලතාගෙන් ගෝරනාඩු

colombotoday

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

Admin

71 හැවිරිදි මව අත්පා ගැට ගසා නිරුවත් කර මරා දාලා

Admin

අස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට එන්නත සොයා ගැනීම දුෂ්කරයි. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.

colombotoday