Colombo Today Local News

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ (16)දින හටගත් සුළු භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

ඊයේ පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයකින් යුත් ඉතා සුළු භූකම්පන තත්ත්වයක් ඇති වී තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධනේ අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා, “වික්ටෝරියා වේල්ලට මදක් පහලින් කුමාරිගම කියන ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයන් ඇතිවීම තුළ ජනතාව බිය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩොලමයිට් නිදියක් මත මතයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. අපි කරපු සමීක්ෂණ අනුව ඩොලමයිට් කුහර ආශ්‍රිතව තියෙන වා කුහරයන්ට ජලය එක්රැස්වීම තුළ ඇතිවෙත තත්ත්වයක් තමයි තියෙන්නේ. කෙසේවෙතත් වැඩිදුරටත් ඒ ගැන පරීක්ෂණ කරනවා.”

Related posts

කොරෝනා යැයි කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන 20 දෙනාගෙන් 16 ආසාදියින් නොවේ

colombotoday

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තංගල්ලේදී STF දැලේ

colombotoday

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

colombotoday

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

colombotoday

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

colombotoday