Colombo Today Local News

මතට ඇබ්බැහි වුවන්ට ඖෂධ අලෙවි කළ විශ්‍රාමික වෛද්‍යවරයා අත්අඩංගුවට

පිළිකා රෝගීන්ට සහ බරපතල ශල්‍යකර්ම සිදුකළ රෝගීන්ට වේදනා නාශකයක් ලෙස ලබාදෙන ඖෂධයක් මත්ලෝලීන් ට අලෙවි කළ බව කියන විශ්‍රාමික වෛද්‍යවරයෙකු (65) කඳානේ දී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අද (18) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දුතයෙකු යොදවා අද පෙරවරුවේ මෙම වැටලීම සිදු ඇත.

වෛද්‍යවරයා පොලිස් උපාය දූතයාට මත්පෙති 60 ක් අලෙවි කළ බව පොලීසිය කියයි. පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

Related posts

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අල්ලයි

colombotoday

කොටි මහවිරු දිනය මහ ඉහළන් සැමරීමට සූදානම්.. පොලීසිය සීරුවෙන් !

colombotoday

රාජ්‍ය ආයතන සේවකයින්ට දැනුම් දීමක්

colombotoday

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

colombotoday