Colombo Today Local News

‘මං පක්ෂෙ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂෙ සභාපති. තවමත් මම පක්ෂෙ යාවජීව අනුශාසක.’ – හිටපු ජනපතිනි කියයි

තමා පක්ෂයෙන් ගැලවී නොමැති බවත් තමා සැමදා පක්ෂය තුළ සිටින බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

හිටපු ජනපතිනිය මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

බණ්ඩාරනායක මහතාගේ 122 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය උදෑසන 8 ට පැවැත්වීමට නියමිතව තිබුණ ද හිටපු ජනාධිපතිනිය උත්සවය ආරම්භ විමට පෙර පැමිණ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා ය.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ පැනයන්ට හිටපු ජනපතිනිය මෙසේ පිළිතුරු දුන්නා ය.

ප්‍රශ්නය : – ඔබ තුමියගේ පියාණන් ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂේ ගැන මොකද හිතෙන්නේ ?

හිටපු ජනපතිනිය : – මොකක්ද හිතන්න ඕනේ?

ප්‍රශ්නය : – දැන් මේ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ යන ගමන් මාර්ගය නිවැරදි ද?

හිටපු ජනපතිනිය : – ගමන් මාර්ගයක් නෑනේ.නිවැරදිද වැරදිද කියලා කියන්න මට බෑ.

ප්‍රශ්නය : – ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට අසාධාරණයක් වුණා කියලා දැන් ඉන්න පාර්ශවය කියනවා.

හිටපු ජනපතිනිය : – ඒක ඉතිං අවුරුද්දකට කලින් මම කිව්වානේ, ඒක කරයි කියලා

ප්‍රශ්නය : – ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගැලවුණෙත් ඒ හින්දාම ද?

හිටපු ජනපතිනිය : – මං ගැලවිලා නෑ. මං පක්ෂෙ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂෙ සභාපති. තවමත් මම පක්ෂෙ යාවජීව අනුශාසක. තමවත් මම පක්ෂෙ දේශපාලන මණ්ඩලයේ සභිකයෙක්.

ප්‍රශ්නය : – ඔබතුමිය ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද පක්ෂෙ රැක ගැනීමට?

හිටපු ජනපතිනිය : – මම පක්ෂෙ රැකගෙන තියනවා 4 වතාවක්… හොම්බ බිම ඇනිලා වැටිච්ච හැම වතාවකම. දැන් පක්ෂෙ ඉන්න කට්ටිට කරගෙන යයි.

ප්‍රශ්නය : – උත්සවය තියෙන්නෙ 8ට ඔබතුමිය කලින් ආවේ…?

හිටපු ජනපතිනිය : – කලින් ආවේ මට කලින් එන්න ඕන නිසා

ප්‍රශ්නය : – ඒ කියන්නේ ආරාධනාවක් කළේ නැද්ද මේ සැරේ වත්…?

හිටපු ජනපතිනිය : – කිසිම ආරාධනාවක් නෑ. හැබැයි ඒ ගොල්ලන්ට මේක අයිති නෑ. නේ ඉතිනක් අපිට ඕන වෙලාවකට අපි එනවා.

ප්‍රශ්නය : – ඔබතුමියට කනගාටුවක් නැද්ද මේ පක්ෂෙට වෙන දේ ගැන

හිටපු ජනපතිනිය : – බොහෝම කනගාටුයි

ප්‍රශ්නය : – ඔබතුමිය ඉදිරිපත්වෙන්න ඕනේ නේ

හිටපු ජනපතිනිය : – හැම දාම ඉදිරිපත් වෙන්නෙ මොකට ද ?

ප්‍රශ්නය : – ඔබතුමිය අයින් කරලා කියලා තමයි කියන්නෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්

හිටපු ජනපතිනිය : – එයාගේ හිනේ ඒ හීන දැකලා

ප්‍රශ්නය : – ඔබතුමිය එක්සත් ජාතික පක්ෂෙට ගියේ ?

හිටපු ජනපතිනිය : – එක්සත් ජාතික පක්ෂෙට ගියා.. කවු ද ගියේ?

ප්‍රශ්නය : – අලුත් ආණ්ඩුව ගැන ඔබතුමියගේ අදහස් මොකක් ද?

හිටපු ජනපතිනිය : – දැන් ඒව ගැන කතා කරනන් බෑ.

අනතුරුව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ද එම ස්ථානයට පැමිණියේ ය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර හා රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු පිරිසක් ද මෙම උත්සවට සහභාගි වූහ.

අනතුරුව උත්සවය නිල වශයෙන් ආරම්භ වූ අතර, එහි නිල ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

මෙහිදි පක්ෂ සභාපතිවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීහු විමසා සිටියහ.

Related posts

අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂ පැල්පිට ට

colombotoday

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක පිපිරීමක් | අත්හදා බැලීමක් සිදු කළාදැයි විමර්ශන

colombotoday

“ජනපතිගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ.. ජිනිවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතුය” – බ්‍රිතාන්‍ය මහකොමසාරිස්

colombotoday

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද නියෝගය මාර්තු එකොළොස් වනදා

colombotoday

කෝටි දෙකක් අල්ලස්ගත් ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියාට, දැව සංස්ථා සභාපතිට ඇප ඉල්ලීම කල්යයි

colombotoday

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday