Colombo Today Local News

කළුතර උපකාරක පංති වල සිසුන්ට මත්කරල් විකිණු අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මත්කරල් 1010 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

එම මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති බවත්, එම කරල් රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සදහන් කර ඇති බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයෙකි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

Related posts

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

අපේ උන් ආපු ගමන් කෙලගෙන කෙලගෙන ගියා.. අපේ උන් හොරකම් කරා.. ඒක තමයි ඇත්ත – රන්ජන්

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

ව්‍යාජ ලිපි පෙන්වා කොළඹට ඇතුළු වන අයට වසර 5ක සිරදඩුවම්

colombotoday

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

Admin

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday