Colombo Today Local News

බොරැල්ලේ විශේෂ මෙහෙයුමකදී 35ක් අත්අඩංගුවේ

බොරැල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව සමඟ එක්ව මෙහෙයුම දියත් කළ බව පොලිසිය පැවසීය.

එහිදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 350 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 15 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගංජා ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 15 ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

කඩු 2ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු ද, අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.

ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 19 කි.

සැකකරුවන් අද අලුත්කඩේ හා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ගෝඨාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයට පැමිණිලි 10ක්

colombotoday

හම්බන්තොට වරාය චීන සමාගමට දෙන ගිවිසුම් රාමුට අත්සන් තැබේ

colombotoday

තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට ජනකී සිරිවර්ධන සී.අයි.ඩී අත්අඩංගුවට

Admin

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි

Admin

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

පැතිර යමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑම් එල්ල කළ කරයි.

colombotoday