Colombo Today Local News

උතුරු – නැගෙනහිර අර්බුදය ගැන සාකච්ඡාවකට ජනපති TNA කැඳවයි

උතුරු – නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා තිබේ.

අද (09) දිනය තුළ ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයට ආරාධනා ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ පවත්වා තිබේ.

ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු පිරිසක් සහභාගී වූ බව එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

Related posts

ජනපතිගේ ‘ගව ඝාතන තහනමට’ රවීගෙන් බාල්දියක් !

colombotoday

පාසල්වල වැඩ කාර්යක්ෂම කරන්න අලුත් තනතුරක්

colombotoday

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 18,000ක් කොටහේනේදී අල්ලයි

colombotoday

මට ගැහුවා. බේරෙන්න ගත් උත්සාහය වීඩියෝ කරලා. | ෆුර්කාන්ගේ බලහත්කාරයට ලක්වූ දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා.

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මැතිසබයට

Admin

අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 2500 ක් වරායේ

colombotoday