Colombo Today Local News

ජනපතිගේ ‘ගව ඝාතන තහනමට’ රවීගෙන් බාල්දියක් !

ravi my3

මෙරට ගව ඝාතනය නතර කරන ලෙසටත්, ගවමස් කන පිරිසට ඒවා රටින් ගෙන්වීමට අවශ්‍ය වටපිටාව සැකසීමට කටයුතු කරන ලෙස අයවැය සකසන අවස්ථාවේදී තමා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට කළ ඉල්ලීම ඔහු පැහැර හැරිබව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ජනපතිවරයා මේ බව කියාසිටියේ බස්නාහිර පාසල්වල තෛපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් පයාගල හින්දු මහා විද්‍යාලයේ ඊයේ (18) පැවැති උත්සවයකදීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා මුදල් අමාත්‍යවරයාගෙන් හා වෙළෙඳ අමාත්‍යවරයාගෙන් නැවත වරක් අදාල ඉල්ලීම සිදු කරන බවයි. මස් මාංශ කෑමෙන් වැලකී සිටින අයෙකු වන තමන් කිසිසේත්ම සත්ව හිංසනය අනුමත නොකරන බවද කී ජනාධිපතිවරයා මෙරට ගව සම්පත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ගව මස් උවමනා ප‍්‍රමාණය විදේශයන්ගෙන් ආනයනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද කියා සිටියේය.

Related posts

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට

Admin

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday

විදේශිකයන් ආයෝජනය කළ මිලියන 2133ක් ආපුසු අරන්… විදේශ සංචිත ඩොලර් බිලියන 6.5 දක්වා පහතට!

colombotoday

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

හෙට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකගෙන් නිවේදනයක්

colombotoday