Colombo Today Local News

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

වැලන්ටයින් දිනය දා (පෙබ. 14) මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක ගුරුවරුන් සිසු සිසුවියන් පිරිසකගේ බෑග්වල තිබූ චොකලට් තොගයක් ආහාරයට ගෙන ඇති බවක් මවුපියෝ චෝදනා කරති.

එම ජාතික පාසලේ විදුහල්පතිවරයා වැලන්ටයින් දිනය නිමිත්තෙන් පාසලේ හය ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ගේ බෑග් පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගුරුවරුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් එක්ව පරීක්ෂා කිරීමේදී විවිධ මිල ගණන් යටතේ චොකලට් පෙට්ටි, රෝස මල් පොකුරු හා තවත් තෑගි භාණ්ඩ හමුවී තිබුනි.

නව වන ශ්‍රේණියේ පන්ති කාමරයක හැර අනෙකුත් සියලු ම පන්ති කාමරවල සිසු සිසුවියන් පිරිසකගේ බෑග්වලින් මෙම භාණ්ඩ හමුවී තිබෙන අතර බාහිර පුද්ගලයන්ගෙන් ලැබී තිබූ හා වෙනත් පාර්ශ්වයන්ට ලබා දීමට තිබූ මෙම චොකලට් පෙට්ටි ළඟ තබාගෙන සිටි බවත් එම සිසු සිසුවියන් ගුරුවරුන් හමුවේ පවසා තිබේ.

එසේ සොයාගත් චොක්ලට් ඇතුළු භාණ්ඩ සියල්ල ගුරු විවේකාගාරයට රැගෙන ගොස් තිබෙන අතර එහිදී ගුරුවරුන් පිරිසක් චොක්ලට් පෙට්ටි කඩා ආහාරයට ගෙන ඇත.

මේ අතර, විදුහල්පතිවරයා වැලන්ටයින් තෑගි හමුවූ සිසු සිසුවියන්ගේ මවුපියන් ඊයේ (පෙබ. 15) දිනයේදී පාසලට ගෙන්වා දැඩි ලෙස අවවාද කර තිබෙන අතර එහිදී පාසලට පැමිණි මවුපියන් පිරිසක් සිසුන්ගෙන් ලබාගත් චොක්ලට් අනුභව කිරීම පිළිබඳව ගුරුවරුන්ට විරෝධය පළකර ඇත.

Related posts

ශ්‍රීලනිපය ඉවත් වීමට තීරණය කරයි… ජාතික ආණ්ඩුව අවසන්… එජාප තනි ආණ්ඩුවක්

colombotoday

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

colombotoday

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin

බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ජවිපෙ ජාතික ලයිස්තු අපෙක්ෂක ඊබ්‍රහිම් ත්‍රස්තවාදියාගේ නමත්… එනිසා ජවිපෙ සහය නෑ !!!

colombotoday