Colombo Today Local News

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කරන ලද රාජ්‍ය සේවකයින්ට අද (09) දිනයේ සිට යළි සේවයට වාර්තා කළ හැකි වේ.

තමන් සේවය කළ ස්ථානය තම ඡන්ද බල ප්‍රදේශය නම් එම ස්ථානයේ සේවය කළ නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කරයි.

අද දිනයේ සේවයට වාර්තා කර තම ආයතන ප්‍රධානියා මගින් වෙනත් ඡන්ද බල ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගත යුතු බව ලේකම්වරයා පවසයි.

එම සේවකයින්ට වැටුප් ලබාගැනීමට වෙනත් ඡන්ද බල ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගැනීම අනිවාර්ය බව ලේකම්වරයා සඳහන් කරයි.

මේ අතර මෙම තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් වූ නාමයෝජනා අවලංගු වීමක් සිදුනොවන බව, මැතිවරණ කොමිසම පවසයි.

යළි මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ පසු නාමයෝජනා ඉදිරිපත් කර ඇති රාජ්‍ය සේවකයින් තාවකාලිකව සිය රැකියාවෙන් ඉවත් වී මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කරයි.

Related posts

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

Admin

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday

නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වලකින්න | පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළිි කුණාටුවක් වන ලකුණු

colombotoday

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday

සම්බන්දන්, ජෝන්, එරාන්, අග රදගුරු සමගින් ජනපති නත්තල් සමරයි

colombotoday