Colombo Today Local News

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

“ගමෙන් පැමිණි පී. හැරිසන් ඇමැතිතුමාට ගමේ ආර්ථිකය දියුණු කිරීමේ වගකීම මා විසින් ලබාදී තිබෙනවා. ගමේ ආර්ථිකයට වඩා ජනතාව නාගරික හෝ අර්ධ නාගරික ආර්ථිකයට ඇදි යනවා. නැතිනම් මැද පෙරදිග ආර්ථිකයට ගමන් කරනවා. නැතිනම් ඉතාලි ආර්ථිකයට යනවා මලයාසියාව, සිංගප්පූරුව, කොරියාව ආදී ආර්ථිකවලට ගමන් කරනවා. එහි පාඩුව දැනෙන්නේ ගමේ ආර්ථිකයටයි.
අප ගමේ නවීකරණයක් ඇති කරන්නේ කෙසේද? ඒ සඳහා ගම පිළිබඳ දැනුමක් ඇති හොඳ කතිකත්වයක් තිබෙන උපාධිධාරියකු වන හැරිසන් ඇමැතිතුමාට මේ වගකීම භාරදී අප වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා” යනුවෙන් අද පැවති උත්සවයක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

ගමේ ආර්ථිකය දියුණු කරන විට පශු සම්පත් ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වන බව කිව යුතුයි. බොහෝ විට ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ. එම නිසා හොඳ ගවයන් ලබාදීමට ගව පට්ටි පවත්වාගෙන යෑම සඳහා උපකාර කිරීමට, කිරි නිෂ්පාදනය දියුණු කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ගමේ කිරි නිෂ්පාදනය දියුණු කරනවා නම් ගම තුළම අලෙවියක් ලබාදීමට කටයුතු කරන්නම්. ගමේ කුඩා දරුවන් සඳහා වසර 05ක් යනතුරු කිරි ලබාදිය යුතුයි. බොහෝ විට දැන් අප දරුවන්ට දෙන්නේ පිටි කළ කිරි බව කිව යුතුයි. එම දරුවන්ට එළකිරි ලබාදිය හැකිදැයි අප කල්පනා කළා. අප එම ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ ගැමි දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහායි. එමෙන්ම කුකුළු කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීමට අප සැලැසුම් සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උසස් කුකුළු වර්ග සිටිනවා. නමුත් අපේ මිල වැඩියි. අමුද්‍රව්‍ය මිල වැඩියි. එම නිසා ලංකාවෙන් අමුද්‍රව්‍ය ලබාගන්නවාද, පිටින් ගෙන්වනවාද යන්න තීරණය කළ යුතුයි. අපට එම ප්‍රශ්නවලට මුහුණදීමට තිබෙනවා. එයින් විශාල වෙළෙඳපොළක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ අංශ කිහිපයක් නවීකරණය කොට ඉදිරියට යෑම අපේ අරමුණයි. ඒ සමඟම ගමේ තරුණ තරුණියන්ට අලෙවිකරණ ශක්තිය ලබාදිය යුතුයි. ඒ සඳහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හොඳ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වැඩසටහන සමඟ එක්ව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

Related posts

විධායක බලතල අගමැතිට පැවරීමෙන් රටට වෙන දේ ගැන හිටපු ඇමති විජේදාස කියයි (Video)

colombotoday

ලබන ඉරුදිනත් දේව මෙහෙයන් පැවැත්වීමෙන් වලකින්න – කාදිනල්තුමා ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday

සංචාරක වීසා හරහා රැකියා වලට රට යවන බව කියා මිනිස් ජාවාරම් කරන අයට නීතිය දැඩි වෙයි

colombotoday

බන්ධනාගාරෙන් පනින්න ගිය රැඳවියෙකු වෙඩි පහරින් මරුට

Admin

අහෝ දුකකි! අපේ උරුමයට වෙන දේ මෙන්න… ගෝනවල පන්සලක බෝධියක් කිසියම් පිරිසක් කපා දමලා

colombotoday