Colombo Today Local News

සංචාරක වීසා හරහා රැකියා වලට රට යවන බව කියා මිනිස් ජාවාරම් කරන අයට නීතිය දැඩි වෙයි

සංචාරක වීසා හරහා රැකියා සඳහා ශ්‍රමිකයින් විදේශ රටවලට පිටත්කර යවන මිනිස් ජාවාරම් කරන පුද්ගලයන්ට සහ ආයතනවලට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.

ගුවන්තොටුපොළ, ආගමන විගමන පාලක සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය, රහස් පොලීසියේ සහයෝගය මත මෙම මාෆියාවට තිත තබන බවයි කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් පවසන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොමැති ආයතන සහ පුද්ගලයන් මෙම මාෆියාව ක්‍රියාත්මක කරන බවත්, විදේශ සමාගමක නිසි රැකියා ගිවිසුමක් රහිතව හෝ ලියාපදිංචි නොමැති කිසිදු පාර්ශ්වයක් හරහා හෝ රැකියා අපේක්ෂාවෙන් සංචාරක වීසා මත හෝ විදෙස්ගත නොවන ලෙස මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

රැකියා අපේක්ෂාවෙන් සංචාරක වීසා මත විදෙස්ගත වන තරුණ තරුණියන් සහ කාන්තාවන් එම රටවල දී වැඩි වශයෙන් බරපතල හිංසාවන්ට පීඩාවන්ට ලක්වන බවට දෛනික ව වාර්තා වන බවත්, එය ඔවුන්ගේ ජීවිතයට සහ රටේ කීර්ති නාමයට ද බරපතල තර්ජනයක් බවත්, මේ නිසා සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වීම නොකරන ලෙසත් ආමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටි.

Related posts

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

අළුත් ව්‍යවස්ථාවට විරුද්ධ විය හැක්කේ ද්‍රෝහීයෙකුට පමණයි – අධිකරණ ඇමති

colombotoday

කෝට්ටේ බළල් අසූචි දැමූ ආහාර වෙළෙඳසැල් තිහක් වටලයි

colombotoday

“වැට් බදු ගෙවන්න බැරිනම් දුරකථන ඕෆ් කර දමන්න“ – ඇමති රාජිත

colombotoday

මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

colombotoday

කිසිදු අවස්ථාවක ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබදව ජනාධිපති ආරක්ෂක අංශය දැනුවත් කර නොමැති බව හෙළිවේ

colombotoday