Colombo Today Local News

කෝට්ටේ බළල් අසූචි දැමූ ආහාර වෙළෙඳසැල් තිහක් වටලයි

බළල් අසූචි සහිත මිනිස් පරිභෝජනයට නොසුදුසු ආහාර අලෙවි කරමින් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් තිහක් වටලා අට දෙනෙකුට නඩු පැවරීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අංශය පසුගිය (28) වැනි දා කටයුතු කර තිබේ.

ඒ ප්‍රදේශයේ මහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමේ අරමුණින්, නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් කළ වැටලීමකදීය.

ඒ අනුව රාජගිරියේ පිහිටි ප්‍රසිද්ධ ආහාර අලෙවිසැලක මුළුතැන්ගෙයෙහි බළල් අසූචි තිබෙනු දුටු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එම අවන්හලට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබේ.

අදාල පියවර ගෙන ඇත්තේ, 1980 අංක 26 දරණ ආහාර පනතේ 32 වගන්තිය ප්‍රකාරව සාදන ලද 2011 ආහාර ස්වස්ථතා නියෝග කඩ කිරීම යටතේය.

මෙම වැටලීම යටතේ දී අදාල පනත උල්ලංගණය කිරීමේ චෝදනාව ලද සැකකරුවන් අට දෙනා කොළඹ අලුත්කඩේ සහ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව වරදේ ස්වභාවය මත රුපියල් පන්දහස, දහදහස සහ පහළොස් දහස වන පරිදි රුපියල් 82,500 ක දඩ මුදලක් වෙන් වෙන් වශයෙන් ඔවුන්ට නියම කර ඇත.

මේ අතර මෙම වැටලීමේ දී ඇතැම් වෙළෙඳ සැල්වල පිසූ ආහාර සමඟ මස් මාළු ශීතකරණවල ගබඩා කිරීම, මැසි මදුරුවන්ට වැසිය හැකි ආකාරයට වෙළෙඳසැල්වල ආහාර නිරාවරණය කර තිබෙනු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

Related posts

ඇමතිකමෙන් නෙරපූ හේතුව හිටපු ඇමති විජේදාස හෙළිකරයි (Video)

colombotoday

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

colombotoday

කොවිඩ් කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්ව යයි

colombotoday

බොරැල්ලේ වකුගඩු ඡාවාරමක මොලකරු රටින් පනී

Admin

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

රිය අනතුරකින් කාන්තාවක් මියයි

colombotoday