Colombo Today Local News

බොරැල්ලේ වකුගඩු ඡාවාරමක මොලකරු රටින් පනී

දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් නීතිවිරෝධී අයුරින් වකුගඩු ලබාගෙන ඡාවාරමක් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙරටින් පලාගොස් ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් හදුනාගෙන ඇති මොහු ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා මෙරටින් පලාගොස් ඇති බවට ගුවන් තොටුපල තොරතුරු හෙළිකර ඇති බවත්, ඒ අනුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම වකුගඩු ජාවාරම බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහල තුළදීම සිදුව ඇත්තේ මුදල් මූලික කරගනිමින් බවට හදුනාගෙන ඇති බවත්, එම රෝහලේ සේවකයන් තිදෙනකු මෙහි සැකකරුවන් වශයෙන් හදුනාගෙන ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ඇතුලු තවත් සැකකරුවන් පස් දෙනකු මේ වන විට හදුනාගෙන ඇති අතර ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ සැකකරු සාක්ෂිකරුවන් සිව් දෙනකු විසින් හදුනාගනු ලැබිණී.

Related posts

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

colombotoday

මානුෂීය මෙහෙයුම සමයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටින් පිටවීම තහනම් කරයි !

colombotoday

නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි

colombotoday

බීමතින් අලි බැලීම තහනම් කිරීම ඇතුළුව අලි ඇතුන් වෙනුවෙන් නව නීති රැසක්.

colombotoday

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජර්මනියේ මුස්ලිම් පල්ලි වසා දමයි

colombotoday

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

colombotoday