Colombo Today Local News

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය තීරණය කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ නිත්‍යනුකූල රජය හදිසියේ බිඳවැටීම සහ තලේබාන් සංවිධානය කාබුල් අගනුවර අල්ලා ගැනීමෙන් පසුව ඇතිවූ අවිනිශ්චිත දේශපාලන තත්වය සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය කර තිබේ.

තලේබාන් සංවිධානය කාබුල් නුවර අල්ලා ගැනීමෙන් පසුව, එරට සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා පෞද්ගලික නිවාඩු ලබා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.ඒ සමඟම එම තානාපති කාර්යාලයේ කටයුතු අක්‍රියව පැවතුණි.

ඒ අනුව කාබුල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිර්දේශ කර තිබු අතර, ජනාධිපතිවරයාගේ නියෝගය මත එම තානාපති කාර්යාලය වසා දමා ඇත.

Related posts

ජනපති මෛත්‍රී හිතමිතුරු ඔබාමා යුවල සමග සුහද සාදයේ !

colombotoday

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳිය යුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday

සතියකින් ලොහාන් රත්වත්ත හිරේ නොදැම්මොත් පොලිස්පතිට නඩු

colombotoday

එජාපයේ එකම නායකයා රනිල් පමණයි… අම්මලා තාත්තලාගේ නම් විකුණල පක්ෂය ඉදිරියට ගෙන යන්න බෑ – රවී

colombotoday