Colombo Today Local News

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

බෝම්බ ,ප්‍රහාර ,වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව සටන ඉදිරියටම ගෙනයන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ අන්තවාදය එපා,ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු මහා සමුළුව ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රටම අන්තවාදය යන බව ප්‍රකාශ කරමින් කුරිරු අන්තවාදය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරන මාධ්‍ය වලින් පිරිණු රටක අන්තවාදය එරෙහිවන්නන්ගේ මෙම ශාලාව පිරියාම සතුටට කරුණකි. සමඟිය, සාධාරණත්වය වෙනුවෙන් කැපවුණු ඔබලාට මම පළමුව අචාරය පුද කරනවා.මේ රටේ ජනතාව සිංහල ,ජාතිකයින්,ද්‍රවිඩ ජාතිකයින්, සහ මුස්ලිම් ජාතිකයින් ජාතිවාදීන් නොවේ.මේ දේශපාලන කාලකණ්නි තමයි ජාතිවාදය වපුරන්නේ.ඇතැම් දේශපාලන මුදලාලිලා ජාතිවාදය වපුරනවා. 1948 වසරේ ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා විට දෙවනි වුයේ ජපානයට පමණයි.අපි නිදහස ලබා ගත්තේ සුදු ජාතිකයින්ට බැරිවුණ වැඩ ටික ඉදිරියට කරගෙන යාමට .නමුත් සුදු ජාතිකයින් කරපු වැඩ ටික වත් කරගෙන යන්න බැරි වුණ ඉතිහාසයක් අපිට තියෙනවා. අපි සිටින්නේ මාලදිවයිනට ,බංගලාදේශයට පිටුපසින් .ඒකපුද්ගල ආදායම අඩුයි. නමුත් 50 දශකයේ සිට ආගම ,ජාතිය ආරක්ෂා කරනවා. නමුත් වෙන රටවල් සරට සංවර්ධනය කළා

Related posts

කිළිනොච්චියේ යුද ස්මාරක ඉවත් කරන්න.. ද්‍රවිඩ සන්ධානයෙන් යෝජනාවක්

colombotoday

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

colombotoday

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

“හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල… ඉතිං රට හැදෙයිද” – අර්ජුන

colombotoday

‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එක්වෙයි

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday