Colombo Today Local News

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

ගෑස් පිපිරීම්වලට හේතුව මෑත කාලීනව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි.

අද සවස පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ මහතා මේ බව තහවුරු කළේය.

“අපි ගත්තොත් එහෙම අපේ වාර්තාවේ සඳහන් වෙනවා පසුගිය නොවැම්බර් මැද සිට දෙසැම්බර් දක්වා ගත්තොත් මේ ගෑස් පද්ධතිය ගත්තොත් කවුරුත් දන්නවා ගෑස් සිලින්ඩරය තියෙනවා. ඊට පස්සේ උපාංග තියෙනවා. අපි රෙගියුලේටරය කියනවා. ඊළඟට රබර් නළය සහ උඳුන මේ එක පද්ධතියක්. එතකොට අපි පැහැදිලිව හඳුනාගත්තා ඇත්තටම අපි මේක ස්ථානීය පරීක්ෂණ හරහාත් අපි සාක්ෂාත් කරගත්තා. අනෙක් කිසිදෙයක් වෙනස් වෙලා තිබුණේ නෑ. වෙනස්වෙලා තිබුණ මුලික දේ තමයි මේ සිලින්ඩරය තුළ තියෙන ගෑස්. ඇත්තටම ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක සති දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි ගෙවල්වලට වෙනස් වෙනස් විදියට ලැබෙනවා. ඒත් එක්කම සිලින්ඩරයත් ලැබෙනවා. නමුත් අපේ අධ්‍යයන කමිටුව පැහැදිලිව දෙන නිගමනයක් තමයි සිලින්ඩරය පුපුරා යෑමට තියෙන අවකාශය ඉතාම අවමයි. අවසානයේ අපිට නිරීක්ෂණය කරන කොට අපි දැකපු කරුණක් තමයි පසුගිය කාලය තුළ සංයුතියේ යම් ඉහළයෑමක් සිදුවෙලා තියෙනවා. ඇත්තටම ඒක 40කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා. සංයුතියේ සිදුවු වෙනස්වීමක් සමග ඇති වු අනෙකුත් කරුණු තමයි අවසානයේ මේ අනතුරුවලට හේතු වුණේ කියන එක තමා අපේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය

Related posts

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නෑ – ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න

colombotoday

කොවිඩ් මෘත දේහ භූමදානයට ඉරණතිව් දූපතේ හැරූ වළවල් දූපත් වැසියෝ වසා දමති

colombotoday

‘මං පක්ෂෙ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂෙ සභාපති. තවමත් මම පක්ෂෙ යාවජීව අනුශාසක.’ – හිටපු ජනපතිනි කියයි

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

Admin

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදාහැරීමට සෝමාලි කොල්ලකරුවෝ කෝටි 76ක් කප්පම් ඉල්ලති

colombotoday