Colombo Today Local News

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 7 දෙනෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකට අනුව සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවූ නාරාහේන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ සේවය කළ නිලධාරියෙකු මෙලෙස පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව අභිරහස් ලෙස මියගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රන්ජන් රාමනායක සමාජය සමූහ වශයෙන් දුෂණය කළා

colombotoday

තීරුබදු රහිත වාහන බලපත්‍රයක් සමග ‘පූජිත’ පොලිස්පති ධුරයෙන් සමු අරන් !

colombotoday

මෙරට දරුවන් දහසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී හමාරයි

colombotoday

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

colombotoday

සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගය

Admin