Colombo Today Local News

අනුරාධපුරයට කුඩු බෙදූ පී.සී කුඩු එක්ක මාට්ටු

කොළඹ ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග එක්ව අනුරාධපුර නගරය තුළ මත් කුඩු බෙදා හැරියේ යැයි කියන අනුරාධපුර කොට්ඨාස පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු ලක්ෂ හතක මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

හෙරොයින් මත්කුඩු බෙදා හැරීම සඳහා පොලිස් කොස්තාපල්වරයාගේ නිවෙසේ කාමරයක මෙහෙයුම් මැදිරියක් ලෙස සකසා ඇතැයි ද අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකාර රථවාහන අංශ නිලධාරියා සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්රෑම් 15යි, මිලි ග්රෑම් 200 ක් සහ කුඩු ජාවාරම්කරු සන්තකයේ තිබී, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1 ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

සැකකාර පොලිස් නිලධාරියා මීට පෙර, වසර 7 ක පමණ කාලයක් බම්බලපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ රාජකාරි කරමින් සිටියදී, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු අනුරුද්ධ’ නැමති අය හදුනා ගෙන ඇති බවත්, එම ජාවාරම්කරු කේරළ ගංජා සහ මත් පෙති ජාවාරමක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්ව, වසර එක හමාරක කාලයක් බන්ධනාගාරගතව සිටියදී, මෙම පොලිස් නිලධාරියා ඔහුට උදව් උපකාර කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

Related posts

මිදිගම රුවන් මෙරටට රැගෙන එයි

Admin

ගම්පහ උඩුගම්පල වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

සිරසෙන් දිලිත් ජයවීරට දරුණු ප්‍රහාරයක් – කොටස් වෙළදපොළේ වංචා ගැනත් හෙළි කරයි

colombotoday

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin

ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනීයම ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව බලන්න අවස්ථාවක්

Admin

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

colombotoday