Colombo Today Local News

වත්තලදී කෝටියක කුඩු සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි

යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් තොගයක් සමග පුද්ගලයකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 14 විද්‍යුත් තරාදියක් සහ ජාවාරමෙන් උපයා ගත් බව කින රුපියල් පහළොස් ලක්ෂ හතළිස් දහසක මුදලක් ජංගම දුරකථන සහ ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

දිගු කලෙක පටන් මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරි සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති (විශේෂ මෙහෙයුම් ) පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණොත් රජයේ සහයට ඉන්දියන් හමුදාව !

colombotoday

බණ්ඩාරගම පල්ලියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ නිවස මුස්ලිම් ජාතිකයන් වට කරති

colombotoday

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

Admin

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

නෙලුම් කුළුණ හෙට විවෘත කෙරේ

colombotoday

“පුද්ගලික උත්සවවලට ආරාධනා කරන්න එපා.” ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday