Colombo Today Local News

නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

මහේස්ත්‍රාත් අධිකරණ වල සිට සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනා කරන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නඩු කල් යාම නිසා ආයෝජන අවස්ථා පවා අහිමි වන තත්ත්වයක් තිබෙන බවත් අවශ්‍ය ආර්ථික නිදහස ලබා ගත හැකි වන්නේ ආයෝජන ප්‍රවර්ධනයෙන් පමණක් බව ද කාරියවසම් මහතා පැවසීය.

මේ වන විට විදෙස් ආයෝජන ඉතා පහළ තත්ත්වයකට පැමිණ තිබෙන අතර දේශීය ආයෝජකයන් පවා මෙරට කර්මාන්තශාලා වසා දමා වෙනත් රටවල ආයෝජනය කිරීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව සාගර කාරියවසම් මහතා කීය.

Related posts

බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවයි

Admin

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 අත්අඩංගුවේ

colombotoday

“කාබනික හුටපටෙන් මගේ වසර 32ක දේශපාලන ගමන විනාශ වුණා”

colombotoday

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday