Colombo Today Local News

බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවයි

හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා සඳහන් කරන්නේ, එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන්වූ හෙයින් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මත්පැන් නිෂ්පාදන ආයතන පහක මත්පැන් නිෂ්පාදනය මෙසේ නැවතුණද තවත් මත්පැන් නිෂ්පාදන ආයතන පවතින හෙයින් වෙළෙඳපොළේ මත්පැන් හිඟයක් ඇති නොවන බවද ඔහු කීය.

Related posts

“ආණ්ඩුවට අවුරුද්දයි බොරු පොරොන්දු කප්පරයි” අඛණ්ඩ විරෝධයකට උපාධිධාරීන් සැරසෙයි

colombotoday

පරිගණක පද්ධතියේ නඩත්තුව අවසන්.. ආගමන විගමන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

අත්තෙන් අත්තට පනින රාජිත පක්ෂ දෙකක වේදිකාවල

colombotoday

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

colombotoday

පාසල් බසයක් ලංගම බස‍යක ගැටී සිසුන් 15ක් රෝහලේ

Admin

වතුර බෝතලය බෙදා ගත් පොලිස් නිලධාරියාට සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියට නඩු පැවරේ

colombotoday