Colombo Today Local News

ගෙල කපා බිරිඳ ඝාතනය කරලා

කලවාන, පොතුපිටිය, රඹුක ප්‍රදේශයේ දී සැමියා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා සිය බිරිඳ ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ඒ. වී. ජී ප්‍රේමලතා නැමැති වයස අවුරුදු 65 ක කාන්තාවක් බව පොතුපිටිය පොලිසිය පවසයි.

ඝාතනය සිදු කල බවට සැක කරන සැමියා වයස අවුරුදු 60ක පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

අද (02)දින ඇතිවූ ආරවුල දුර දිග යාම හේතුවෙන් තේ වත්තක තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා ඝාතනයට ලක්කර ඇති බව පොතුපිටිය පොලිසිය පවසයි.

සැකකාර සැමියා පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

රටේ නම නැවතත් “සිංහලේ” කරන්න.. නව ව්‍යවස්ථාවට අනුරාධපුරෙන් යෝජනාවක්

colombotoday

චීනයෙන් මිලියන 28ක ඖෂධ අද මෙරටට

colombotoday

මන්නාරමෙන් වළදමා තිබූ මත් කරල් 24,000ක් මාට්ටු

Admin

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

colombotoday

ලුණූ ආනයනය නතර කර රටටම ලුණු හදන්න පාඩු ලැබීම ගැන නිදහසට කරුණු එපා

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

colombotoday