Colombo Today Local News

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වන බවත් වරාය සහ නාවික කටයුතු නියෝජ්ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ලේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

“ඉදිරි පැය විසි හතර තුළ සාර්ථක මෙහෙයුමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එකතු වෙනවා. අපට මුක්කුවක් ගහන්න කට්ටිය ඉන්නවා. ඒ නිසා අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපට කිව්වේ යූඑන්පියෙන් ඉවත් වෙලා එන්න අපි එකතු වෙන්න සුදානම් කියලා.

ජනබලය තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂය ළග. අපි දෙගොල්ල එකතුවන එක අමුතු දෙයක් නෙවි. අපි එකම කණ්ඩායමක්. වසර දෙකහමාරක් වෙන් වෙලා සිටියා. ඊළග වසර දෙකහමාර සදහා මුදල් වරදාන ගනුදෙනු වරප්‍රසාද නැතිව අපි දෙගොල්ල එකට එකතු වෙලා කටයුතු කරන්න එකගතාවය පලවී තියෙනවා.ඒ නිසා අපි එක්සත් නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් අපට එනවා. මම ඒ අයගේ නම් කියන්නේ නැහැ“යැයි මුතුහෙට්ටිගම මහතා කිය.

Related posts

හක්මන පොලීසියේ නිලධාරීන් 04කගේ වැඩ තහනම්

colombotoday

20 ට එරෙහිව ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි කල්ලි නිවේදනයක් නිකුත් කරයි. කතෝලික සභාව මධ්‍යස්තව සිටියි.

colombotoday

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

colombotoday

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

Admin

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම. | නඩුව අසා නිමවනතෙක් රිෂාඩ් බදියුදීන් ඇතුලට

colombotoday

ව්‍යවස්ථා සම්මතේට ඔලු හෝදන්න මංගලගෙන් අලුත් “සංහිදියා” නාලිකාවක් !

colombotoday