Colombo Today Local News

නුවරඑළිය ලෝවර් ඩිවිශන් වත්තේ නිවාස 20ක් ගිනිගනී

නුවරඑළිය රාගල පොලිස් වසමට අයත් ලෝවර් ඩිවිශන් වත්තේ වතු නිවාස පේළියක අද (05) උදැසන 10ට පමණ හටගත් ගින්නකින් නිවාස 20ක් මුළුමනින්ම විනාශවී ඇති බව රාගල පොලීසිය පවසයි.

ගින්න ඇතිවන අවස්ථාවේදී එම වතු නිවාසවල පදිංචි පිරිස රැකියා සඳහා පිටව ගොස් තිබී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන්වල සිදුවූ විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි.

ගින්නෙන් නිවාස අහිමිවූවන්ව වතු බලධාරීන් විසින් පොදු ස්ථාන කිහිපයකට යොමු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය හා දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර තිබේ.

Related posts

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

මාවනැල්ල ප්‍රා. සභාවේ උප සභාපති සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

මොරටුව – පිටකොටුව මාර්ගයේ බස් රථ වර්ජනයක්

Admin

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි – සිරිපා සමය ඇරඹේ

colombotoday

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday